ඇතුවත් බැරි නැතුවත් බැරි?
ඒ මොනවද ඒ?
ඔන්න ඔබට විසඳන්න හොඳ තේරවිල්ලක්. මං ඒක ගැන ඔබට පොඩ්ඩක් විස්තර කරන්නම්. මේක ඔබගේ ජිවිතේ ඔබට ඕනෙම දේ. හැබැයි ඔබ මේක ගැන කථා කරන්න වැඩි කැමැත්තක් නැතුව ඇති. ලංකාවේ නම් මේ ගැන කථා කරන්නේ හරිම අඩුවෙන්. ඔබට වැඩියෙන් ඒක මතක් වෙන්නේ නැහැ. ඒක නැති වුණා කියලා ඔබට වැඩිය තේරෙන්නෙත් නැහැ. ඕක නැති වුණාම ඔබ ලෙඩ වෙනවා. හරියට සිහියෙන් වැඩක් කරන්න බැරි වෙනවා.
හිතන්න!
එක එක ජාතියේ උත්තර මතක් වෙන්න ඇති. සමහරුන්ට කෑමක් මතකෙට එන්න ඇති, එහෙම නැත්නම් බෙහෙතක් ගැන නැත්නම් ලෙඩක් ගැන වුණත් හිතෙන්න පුළුවන්. උත්තරය තමයි,
මානසික සුවතාව.
මානසික සුවතාව
මානසික සුවතාව, මේ ගැන කථා කරන්න කලින් ඒක ගැන තියෙන නිර්වචන ටිකක් සලකා බලමු.ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව,
"මානසික රෝගවලින් තොර වීම පමණක් නොව, පුද්ගලයෙකු තම හැකියාවන් නියමාකාරයෙන් හඳුනාගනිමින්, එදිනෙදා ආතතීන් සහ ගැටලුවලට නිසියාකාරව මුහුණ දෙමින් ඵලදායී ලෙස ජීවත් වීම ලෙස යි.
රම්‍යලතා සායනයට පැමිණියේ කොර ගහමිනි. “දොස්තර මහත්තයෝ මට කොන්ද නවන්න බැහැ.” මම ඇගේ පරීක්ෂණ වාර්තා සියල්ල පිරික්සා බැලීමි. සියල්ල යහපත් තත්ත්වයේ ඇත.
“උඹට කිසි ප්‍රශ්නයක් නැහැ.” මම කේන්තියෙන් පැවසුවෙමි.
“ඉන්න බැහැ මහත්තයෝ!” ඇය කෑ මොර දෙන්නට විය. රම්‍යලතා උසස් පෙළ විභාගය කරන දරුවෙකි. එවෙලේ මගේ කාමරේට චමරි ආවේ දවල් කෑමට යනව ද අසන්න යි. ඇය මානසික සෞඛ්‍යය පිළිබඳ වෛද්‍යවරියකි. ඇය රම්‍යලතා තම භාරයට ගත්තා ය.
මේ ඇය හා සිදු වුණ සංවාදය යි.
-“රම්‍යලතා, මොනවට ද පුතේ වැඩියෙන්ම ආස?”
-“මම වැඩියෙන්ම ආස කථා පොත් කියවන්න මිස්.”
-“ඉතින් පුතේ, කොහොමද ලකුණු?”
-“අම්මෝ මිස්, ආයේ කොන්ද රිදෙනවා, ලකුණු 10 ට අඩුයි මිස්.”
-“හ්ම්... ආසයිද, අර යට තියෙන කථා පොත් වලට”
-“ඔව් මිස්”
-“එක තියෙන්නේ යට ම තට්ටුවේ පුතේ.”
ඇයගේ කොන්දේ අමාරුව සුව විය. කිසි කරදරයක් නැතිව යට ම තට්ටුවේ පොත් ටික ඇය ගත්තා ය. අන්තිමට මට දැනගන්න ලැබුණේ, එසේ සිදු වුයේ විභාගයට ඇයගේ ඇති අධික බිය නිසා බව යි.
මෙම සිදුවීම මානසික රෝග සම්බන්ධයෙන් එක් නිදසුනක් පමණි. මෙවැනි අවස්ථාවකට මේ මොහොතේ දී ද යම් අයෙකු මුහුණ දෙනවා වන්නට හැකි ය.
ඇයි අපට මානසික සුවතාවයක්? අපි ඕක ගැන ඔච්චරට ම හිතන්න ඕනෙ ද?
ඔව්, එදිනෙදා ජිවිතේ නිසියාකාර ව ගත කරන්න අවශ්‍ය වන වැදගත්ම සාධකය මානසික සුවතාවය යි. අධ්‍යාපනය වැනි අංශ තුළ වැදගත් අංගයක් විදිහට මෙය සලකා බලයි. මානසික සෞඛ්‍යය නොමැති තැන දරුවාගේ අධ්‍යාපනය ක්‍රමවත් ව සිදු නොවේ. එහෙත් ලංකාවේ මෙම අංශයට ලබා දී ඇති සැලකිල්ල යහපත් මට්ටමක නැත. ලංකාව තුළ මානසික සුවතා අංශය තුළ ප්‍රමාණවත් වෛද්‍යවරු නැත. මිලියන 21ක ලාංකික ජනගහනයට සිටින්නේ මානසික චිකිත්සකවරු 100කටත් අඩුවෙනි. 2007 දී රජය විසින් ව්‍යාපෘතියක් ආරම්භ කළ ද එය නැවතිණි. රාජ්‍ය නොවන සංවිධාන විසින් 55/100 පමණ මේ සඳහා දායකත්වයක් දක්වයි.
එය රට තුළ සාධනීය බලපෑමක් ඇතිකිරීමට සමත් ව ඇත.
මිලියන 21ක ලාංකික ජනගහනයට සිටින්නේ මානසික චිකිත්සකවරු 100කටත් අඩුවෙනි. 2007 දී රජය විසින් ව්‍යාපෘතියක් ආරම්භ කළ ද එය නැවතිණි. රාජ්‍ය නොවන සංවිධාන විසින් 55/100 පමණ මේ සඳහා දායකත්වයක් දක්වයි.
සිරකරුවාටත් මනුස්සයෙක් විදිහට සලකනවානම්, මානසික රෝගියට මනුස්සයෙක් විදිහට සලකන්නේ නැත්තේ ඇයි?
සමාජය මානසික රෝගීන් පිළිබඳ ව දරන මතය තවමත් වෙනස් වී නැත. අදටත් අංගොඩ මානසික සුවතා රෝහලේ තමන්ගේ ආදරණියයන් නොමැතිව තනිවුණු බොහෝ පිරිසක් ඇත. අද වන විට 90 දශකයට වඩා යහපත් ප්‍රවණතා පෙන්වමින් රෝගීන් පුනරුත්ථාපනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. නැවතත් සමාජය තුළ සක්‍රීය ව දායක වීම සඳහා පුනරුත්ථාපනය කිරීම ජාතික මානසික සුවතා ආයතනය විසින් සිදු කරයි.
පියවර 4ක් යටතේ මෙය සිදු වෙයි: මුල් පියවරේ දී සාමාන්‍ය දින චර්යාවට හුරු කරයි. එය වැඩි දියුණු කිරීම දෙවැනි පියවරේ දී සිදු කරයි.(සන්නිවේදන හැකියා දියුණු කිරීම ) තෙවන පියවරේ දී වෘත්තීය පුහුණුවක් ලබා දෙන අතර හතරවෙනි පියවරේ දී සමාජ ගත කිරීම සිදු කරයි. රෝගයක් වැළඳීම ඕනෙම අයකුට පොදු ය.එවන් අවස්ථාවක ඔවුන්ට අවැසි ආදරය යි. මානසික රෝගීන් ද මනුෂ්‍යයන් බව අප සිතිය යුතු නොවේ ද?
අප සහ මානසික සුවතාව!
ඔබ ශාරීරික ව ලෙඩ නොවී සිටිමට නම් ප්‍රමාණවත් තරම් ආහාර, ජලය, බෙහෙත් සහ වෛද්‍ය පහසුකම් අවශ්‍ය වේ. ඒවගේ ම හොඳ මනසක් තියාගන්නත් ගොඩක් දේවල් ඕනේ කරනවා.ව්‍යායාම ශරීරයට මෙන්ම මනසට ගොඩක් හොඳයි. නිදහස් චින්තනයක් තියාගැනීම වගේ ම ප්‍රශ්නයෙකට මුහුණ දෙන ආකාරයත් ඔබගේ මනසට බලපානවා. ඔබ ප්‍රශ්නයක දී කේන්ති ගන්නවානම් ගොඩාක් හිතනවනම් ඒක ඔබගේ මනසට එච්චර ම හොද නැහැ. අනෙක අතීතයටත් අනාගතයටත් ඉඩ නොදී වර්තමානයේ ජීවත් වීම මානසික සෞඛ්‍යය කෙරෙහි අතිශයින් ම වැදගත් වේ.
කථා කරන්න
ඔබට මානසික ව දුබලතාවයක් තියෙනවා කියලා තේරෙනවනම් කථා කරන්න, උදව් ඉල්ලන්න බිය වෙන්න එපා. ඒ සඳහා මෙම ආයතන හරහා ඔබට සම්බන්ධ විය හැකි යි.
‘සුවසැරිය’ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
ධෛර්යය දයානුකම්පාව, කැපවීම පදනම
ශ්‍රී ලංකා ළමා සංවර්ධන ආයතනය
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
ආදරෙන් හදවතට
තාරුණ්‍යය සහ මනස කියන්නේ කථා කරන්න වටිනා මාතෘකාවක්. මොකද පැහැබර මනසක් නැති තරුණයා අනාගත පරිහානියේ ලක්ෂණයක්. පැහැබර මනසක් වගේම තාර්කික චින්තනයක් තියෙන දරුවා අනාගත ලංකාව ලස්සන කරනවා. උදේට කන්න, බොන්න මුව සෝදන්න වෙලාවක් වෙන් කරනවා වගේ තමන් වෙනුවෙන් පොඩි වෙලාවක් භාවනාවට වෙන් කරන්න, හොද නින්දක් ලබන්න, හිරු එළිය වැටෙන තැනක ඇවිදින්න යන්න, ඒවගේම හොඳ පොතක් කියවන්න අමතක කරන්නත් එපා, එතකොට ජීවිතේ ගොඩක් ලස්සන වේවි.
Comments