
අලුත් ඇදුමකට රෙදි,
එකම හොද කොට්ට උරේ , හදිස්සියකට හිසට
අවුරුද්ද දා ලැබුනු - ඇතිරිල්ල ඇගට
බෝතලේ තව ඉතුරු , තියෙනවා කහට
ප්ලාස්ටික් කෝප්පෙයි, පිගානයි එකට
ඉරි වැටුනු රෙදි මල්ල, කරපු පිo පව් වලට
වාටි නැති චීත්තේ - ගුලිව මල්ලේ කොනක
හොද පෙනුම හැට්ටයක් , කුසුමක්කා ගෙන් ණයට
හැඹිලියේ දවස් කුලි - දෙකක් අත මාරුවට

නිකන් දුන් ඉටි රෙද්ද , අලුත් ඇදුමකට
නම ගහපු තුන්ඩුවක් - අලවලා හිසට
ඇග බැදපු කොහු ලණුව, කපනවා දෙවුර
පිo වඩල සේරටම, මෝචරියේ කොනක
ලොකු දුවට ඕලෙවල් , පොඩ්ඩි නෑ බොන්නේ කිරි පිටි
මහත්තයා ගිහිල්ලත් තුන් මාසෙ නැහැ පිරී
වැඩ පොලේ ගල් කටුව , වැඩ නැතුව නිදි ඇති
හෙට ඉදන් කොරෝනා ඔට්ටුයිද මේ ගිනි?
Comments