top of page

දාහතර පිපෙනවාද?

Rasadhara Hewapathirana

Updated: Dec 1, 2022




රතු රෝස දන්නවද

කොහෙද උඹ යන්නෙ හෙට?


වීදියේ කෙලවරක

දෙගුණ කර මිල ගනන්

එකතු කර මිටි බැදන්

උන් උඹව හැඩ කරන්...

කාසි මිටි මලු ගනන්

උඹ හින්දා තර කරන්

මල්සරා පාවලා උඹව

උන් උඹව විකුනගන්...



ජැන්ඩියට ටයි දමා

මල් මිටක් අත අරන්

සමනල්ලු පියාඹයි

විහිලුවක් පෙම කරන්...



මහ හඩින් හඩ ගගා

රගන පෙම දැක්කාද?

ආදරේ බිoදුවක්

උන් අතරෙ තිබ්බාද?

රතු රෝස අත තබා

දුන් හාදු ඇත්තක්ද?

ඇත්තටම දවසකට

ප්‍රේමයම කොටුවීද?





ආදරේ සමරන්න

දින අපිට ඕනෙමද?

ප්‍රේමයේ නාමයට

රතු මලක් වටිනවද?

සුවද අස්සේ ඔය

ආදරේ තියෙනවද?

කලින් දන්නවානම්

දාහතර පිපෙනවාද?





Comments


Logo transparent.png

Team Up With Us!

© 2024 by Pioneers Youth. All Rights Reserved.

Info

+94 76 539 2784

info@pioneersyouth.org

Address

53A, Perera Mw.

Pelawatta, Battaramulla.

Follow

  • Instagram
  • Facebook
  • Twitter
  • LinkedIn
bottom of page